Sunday, October 20, 2024
Follow Us
ලබන අයවැයෙන් ක්ෂේත්‍ර රැසකට සහන

2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට අද (19) එක්වෙමිනි.

ඉදිරි අයවැය ලබන වසරේ පෙබරවාරී හෝ මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් පාසල් සිසුන්,  දිළිදු ජනතාව ඇතුළු ක්ෂේත්‍ර රැසකට සහන සැලසීමට අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

"අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගනුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අයවැය ලේඛණයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම පිළිබඳව, පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවන් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා. දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩිකරනවා."