Wednesday, October 23, 2024
Follow Us
දෙසැම්බර් 30 සහ 31  විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්  

 

අනුරාධපුර  රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි. 

මීට අමතරව මහනුවර සිට මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි. 

2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය

 

බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15

කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15

පොල්ගහවෙල පිටත්වීම  පෙ.ව. 09.40

අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10 

 

2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය

 

අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30

පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30

කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10

බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20 

413950257 924682405884962 5073288884398948242 n

413966837 924682435884959 7709899114578924753 n