Wednesday, October 23, 2024
Follow Us
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනේ 

කෘති භාර ගැනීම පෙබරවාරි 28 දක්වා

විමසීම්-0702464811 / 0714837683

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර, කෘති භාර ගැනීමේ අවසන් දිනය 2024 පෙබරවාරි 28 වේ.

2023 වසර ඇතුලත ප්‍රකාශයට පත් කරන ලද නවකතා, කෙටිකතා සංග්‍රහ, පද්‍ය සංග්‍රහ , ගේය කාව්‍ය සංග්‍රහ,පුවත්පත් විශේෂාංග ලිපි හෝ තීරු ලිපි සංග්‍රහ, ශාස්ත්‍රීය කෘති මෙහිදී භාර ගනු ලැබේ. අදාළ කාල පරිච්ඡේදය තුළ පළ කරන ලද කෘති පිටපත් දෙක බැගින් බහුවිෂයීය පර්යේෂණ මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය හැකිය.