Wednesday, October 23, 2024
Follow Us
සෝමාවතිය පුදබිම වෙත ගුවනින් සත්කාර

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ  මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන්  එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ  බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින්  ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කර ඇති බව වාර්තා වෙයි.

එසේම සති දෙකක් සඳහා ප්‍රමාණවත් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් අද ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ.

මේ අතර ජලයෙන් යටවී පැවතියද සෝමාවතිය චෛත්‍ය වහන්සේ වෙත සිදුකරන පූජාවන් ඒ අයුරින් ම සිදුකිරීම විශේෂත්වයකි.

ඒ සඳහා එහි වැඩසිටින හිමිවරු ආරක්ෂක අංශ සහායෙන් කටයුතු කරමින් සිටී.

මේ අතර ගංවතුර මධ්‍යයේ තවදුරටත් පුදබිමේ රැඳී සිටින පිරිස් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ද එහිදී අවධානය යොමුව ඇත.