Wednesday, October 23, 2024
Follow Us
කොරෝනා සෞඛ්‍ය උපදෙස් යළි පිළිපදින්න

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා කීය.

එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.