Sunday, October 20, 2024
Follow Us
Social and Equity

කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ශල්‍යාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සායන වලින් යුක්ත රුපියල් මිලියන 250 ක වියදමකින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරේ.

Social and Equity

In an inspired strategic move to rejuvenate foreign investment in the real estate sector, the Department of Immigration and Emigration has reintroduced the “Investor Visa” program. 

Social and Equity

ශ්‍රී ලංකා රේගු දෙපා­ර්ත­මේ­න්තුවේ පුර­ප්පාඩු පිර­වීම සඳහා නව නිල­ධා­රීන් බඳවා ගැනී­මේදී කිසිදු බල­පෑ­මක් සිදු නොක­රන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

Social and Equity

තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ.

Social and Equity

විගමනික ශ්‍රමිකයන්ගේ  දූ දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයට ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.

Social and Equity

පවතින අයහපත්  කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවල දී පාසල ආරක්ෂිත පරිසරයක් බවට සහතික කිරීම තුළින් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම ආපදා කළමනාකරණ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (28) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට ක්‍රියාත්මක කරන Park & Ride සේවාව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාදුක්‌ක දුම්රිය ස්ථානයේ දී ආරම්භ විය.

Social and Equity

 

මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය. 

ඒ එම පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (22) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.

මේ සඳහා පූජ්‍ය ගලගම කුසලධම්ම් හිමි, පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි, සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චන්න ජයසුමන, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, වෛද්‍ය මනොජ් කුමාර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ඉසුරු උපනාද, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ශකිල රාජකරුණා, ශාන්ත කුමාර යන මහත්වරුන් සහභාගී විය. 

එයට අමතරව මිස්සක කමලසිරි හිමි සූම් තාක්ෂණය ඔස්සේ ඇමරිකාවේ සිට කාරක සභාව වෙත සම්බන්ධ වූහ.

මෙහි දී සභාපතිවරයා සඳහන් කළේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් උක්ත කරුණ සම්බන්ධව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති බවයි. 

ඒ නිසා බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම පිණිස අදාළ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිය සංසදයේ අරමුණ බව ද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

මෙහි දී, බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍ය මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය භාවිත කරමින් ගෙනයනු ලබන ප්‍රචාරයන් පිළිබඳ පැමිණ සිටි පිරිස විසින් දිර්ඝ වශයෙන් උදාහරණ දක්වමින් පැහැදිලි කිරීම සිදු කෙරිණි. 

බෞද්ධ දර්ශනය විකෘති කොට සම්පාදනය කරනු ලබන ග්‍රන්ථ විශාල වශයෙන් ජනගත කෙරෙන බව ද පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා උදාහරණ දක්වමින් පෙන්වා දුන්හ.

මෙසේ විකෘති දත්ත සහිත ග්‍රන්ථ ජනගතවීම මගින් බෞද්ධ දර්ශනය පිළිබඳ වැරදි අදහස් ජනතාව අතර පැතිරෙමින් පවතින බවද උන් වහන්සේලා පෙන්වා දුන්හ. 

එමගින් භික්ෂු ශාසනය, පැවිදි උපසම්පදාව මෙන්ම ශාසන චාරිත්‍ර ආදී කාලාන්තරයක් තිස්සේ ආරක්ෂා කරන ලද සංකල්ප පිළිබඳ අප්‍රසාදයක් ඇති වන අයුරින් මෙම ප්‍රචාරණයන් සිදු කරන බව ද මෙහි දී සාකච්ඡා කෙරිණි. 

මේ නිසා බුදුරජාණන් වහන්සේ යනු මන:කල්පිත චරිතයක් බවට ජනතාවට ඒත්තු ගන්වා බෞද්ධ ශාසනය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමිම සිදුවන බව ද ස්වාමීන්වහන්සේලා විසින් පෙන්වා දෙන ලදී.

මෙයට අමතරව බෞද්ධ දර්ශනයට, බුද්ධ චරියතයට අපහාස කරමින් ප්‍රචාරයන් ගෙනයන පිරිස් මෙරට මෙන්ම වෙනත් විදේශ රටවල ද විවිධ ව්‍යාපාරවල නියැලෙමින් විශාල ලෙස ධනය යොදවමින් මෙම කාර්යය සිදුකරන බව පැමිණ සිටි පිරිස පෙන්වා දුන්හ. මෙය ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව රටක් ලෙස බිඳ වැට්ටීම සඳහා ගෙනයන කිසියම් කුමන්ත්‍රණයක එක් මුහුණුවරක් වියහැකි බැවින් සමස්තයම සලකා බලා පියවර ගත යතු බවත් ඔවුහු පෙන්වා දුන්හ. 

මෙම ක්‍රියා හේතුවෙන් සමාජ ප්‍රචණ්ඩකරණය හා සංස්කෘතික බිඳ වැට්ටීම සිදුවන අතර ඒමගින් මෙරට තුළ පුද්ගලයා, පවුල, ආයතන සහ අවසානයේ සමස්ථ සමාජයම බිඳවැටීම සිදු විය හැකි බවත් ඒ නිසා මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ඔවුන්ගේ අදහස විය.

මේ තත්ත්වය වැලැක්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීය පදනමට බලපාන ඓතිහාසික මූලාශ්‍ර විකෘති කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි දැඩි අවධානයක් කළ යුතු බව විද්වත්හු ‍මෙහි දී පෙන්වා දුන්හ. 

මෙහි දී සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරිපත්වන සියළු යෝජනා සහ අදහස් ඒකරාශි කොට බෞද්ධ දර්ශනය විකෘති කිරීම්, බුද්ධ චරිතය පිළිබඳ මිථ්‍යා මත ප්‍රචාරය කිරීම් මෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමේ ප්‍රචාරයන් වැලැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සංසදය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.

Social and Equity
  • මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දි මුදලක්.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

Social and Equity

එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්‍යස්ථාන 97 කදී   ජුනි මස 03 සහ 04 යන දෙදින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත. ඒ අනුව, එම දින දෙකෙහි දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එම මධ්‍යස්ථාන වෙත ගෙනැවිත් නොමිලේ භාර දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

Social and Equity

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායමක් පසුගියදා ( 26) එම ප්‍රදේශයට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම  මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරයි.

Social and Equity

විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ සහ කීර්ති උඩවත්ත මහතාට ලේකම් ධූරයේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින නියෝග කළාය.

Social and Equity

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට(මැයි 31) යෙදී ඇත.

“දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු” යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව යි. දුම්වැටි නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් අකාලයේ මරණයට පත් වන අතර වසරකට ශ්‍රී ලාංකිකයන් 20 000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක්  ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

Social and Equity

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Social and Equity

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

Social and Equity

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) විවෘත කෙරිණි.