Sunday, October 20, 2024
Follow Us
රේගු­වට නව නිල­ධා­රීන් බඳවා ගැනී­මේදී කිසිදු බල­පෑ­මක් කරන්නේ නෑ

ශ්‍රී ලංකා රේගු දෙපා­ර්ත­මේ­න්තුවේ පුර­ප්පාඩු පිර­වීම සඳහා නව නිල­ධා­රීන් බඳවා ගැනී­මේදී කිසිදු බල­පෑ­මක් සිදු නොක­රන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“රේගුවේ කට­යුතු වඩාත් කාර්ය­ක්ෂම කිරීමේ අර­මු­ණෙන් දැනට පුර­ප්පා­ඩුව පව­තින සහ­කාර රේගු අධි­කාරී සහ රේගු පරී­ක්ෂක තන­තුරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියා­ව­ලිය මේ දින­වල සිදු වෙමින් පව­ති­නවා. එම බඳවා ගැනීමේ කට­යු­තු­ව­ලට කිසිදු ආකා­රයේ බල­පෑ­මක් සිදු වන්නේ නෑ. යම් අයකු එසේ බල­පෑම් කර රේගු­වට පැමි­ණී­මට උත්සාහ කරන්නේ නම් එය සිදු වන්නේ නෑ.

ඒ අනුව ඉහත තන­තුරු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරී­ක්ෂණ සඳහා විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පැවැත්වූ විභා­ගය සමත් ඉහ­ළම ලකුණු ගත් අයගේ නාම ලේඛ­නය ලකුණු අනු­පි­ළි­වෙළ අනුව නොව ආකා­රාදී පිළි­වෙළ අනුව රේගු­වට පළ­මුව යොමු කර­නවා.

මේ රටට වැඩිම ආදා­යම් සොයන ආය­ත­න­යට ඇතු­ළත් වීමට රටේ උගත් තරුණ දූ පුතුන්ට අව­ස්ථාව සල­සාදී තිබෙ­නවා. විනි­වි­ද­භා­ව­යෙන් යුත් ආද­ර්ශ­වත් බඳවා ගැනී­මක් සිදු කරන නිසා මීට අදාළ ගැසට් පත්‍රයේ සඳ­හන් ආකා­ර­යට පිටින් කිසි­වක් සිදු නොවන බව මම වග­කී­මෙන් ප්‍රකාශ කර­නවා.”