Sunday, October 20, 2024
Follow Us
අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක්

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක්  ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව එම වැඩකටයුතු සඳහා රජය  රුපියල්  බිලියන 20.6ක මුදලක් වැය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම නිසා හැකි තරම් නව කෘෂිකාර්මික ව්‍යාපෘති සකසන  ලෙස ද  එම කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉලක්ක කර ගනිමින් සකසන ලෙස ද අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.