Sunday, October 20, 2024
Follow Us
මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය විවෘත කෙරේ

කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.


එහිදී අදහස් දැක් වූ  අග්‍රාමාත්‍යවරයා -
අද දිනය අපේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සාහිත්‍යය ශූරීන් වෙනුවෙන් විශේෂිතයි. අපේ රටේ සාහිත්‍යයේ අභිමානය වගේම සාහිත්‍යය, භාෂාව, සහ සමාජ විද්‍යාවට අලුත් අවදි කිරීමක් කළේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්. අපේ රටේ සෑම පුරවැසියෙක්ටම දෙනතින් දැක ගත හැකි වන පරිදි මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රීමතානන්ගේ එකතුවේ පැවැති සාහිත්‍ය කෘති ජාතික පුස්තකාලයට භාර දෙන අවස්ථාවේ එම වස්තු සම්භාරය ගොඩනගපු අපේ  මහා සාහිත්‍යවේදීයානන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙම වස්තු සම්භාරය රටේ සැමදෙනාට පැමිණ ප්‍රයෝජනයකට පරිවර්තනය කළ හැකි ආකාරයට සකස් කිරීමේ ක්‍රියාවලියට ජාතික පුස්තකාලය මින් ඉදිරියට උර දෙනු ඇති.
අපේ රටේ, ජාතියේම ආඩම්බරයක් වූ මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාගේ පවුලේ අය මෙතෙක් කල් ආරක්ෂා කර අද දිනයේ මෙය මතු පරම්පරාවට ප්‍රයෝජනයකට පරිවර්තනය කළ හැකි ලෙස ජාතියටම  භාරදීම අතිශයින් වැදගත් සහ ඒ වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරනවා. පවුලේ අය මෙතෙක් මෙම වස්තුව ආරක්‍ෂා කිරීමට ඉටු කළ කාර්යයට වඩා කාර්යයක් මෙතනින් ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අසමසම සාහිත්‍යවේදියෙක්. ලෝකයේ සාහිත්‍යවේදීන්ගේ කේන්ද්‍රස්ථාන උල්පත් තිබෙන රටවල් වල එතුමාට හිමිවන්නේ අතිමහත් ගෞරවයක්. මෙම පුස්තකාලය එලෙස අද දිනේ එක්වන අවස්ථාව අපේ රට වැටියාට වගේම ජාත්‍යන්තරවද සුවිශේෂයි.