Sunday, October 20, 2024
Follow Us
තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්මාර්ට් බෝඩ්

විගමනික ශ්‍රමිකයන්ගේ  දූ දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයට ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවා ව්‍යාපෘතියට  සමඟාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

විදේශ විනිමයෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන විගමනික ශ්‍රමිකයන්ට උපහාර පිණිස ඔවුන්ගේ දූ දරුවන්ට ඩිජිටල් ලෝකයට ගැලපෙන ලෙස අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා ස්මාර්ට් පන්ති කාමරය අත්දැකිමත් ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.