Friday, October 25, 2024
Follow Us
Social and Equity
ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
Social and Equity

තලේමන්නාරම පනන්කට්ටු බටහිර ප්‍රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අද (11) පස්වරුවේ තලේමන්නාරම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Social and Equity

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශූරීන් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ වන විට වසර 120ක් පමණ පැරණි "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.

Social and Equity

කුඩා දරු දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් මුහුණු පොතේ පෝස්ටු (posts) පළ කරනු ලබන පුද්ගලයන් සහ එහි පිටු (Facebok Pages) පවත්වාගෙන යන්නන් සම්බන්ධව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Social and Equity

පාසල් හැරයන දරුවන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

මේ වසරේ මැයි පළමු වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Social and Equity

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

Social and Equity

කළුතර හෝටලයක තුන්වන මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව ඊයේ (09) අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගයාන් සහබන්දු නැමැති ප්‍රධාන සැකකරු, අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Social and Equity

රිළවුන් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව කිතුල් කර්මාන්තකරුවන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.

Social and Equity

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කුමාරවත්ත සහ දියලුමවත්ත වතු දෙකෙහි වතු සේවකයන් 150 දෙනෙකු වෙත නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මොණරාගලදී සිදුකෙරිණි. 

Social and Equity

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කළේ, පුත්තලම මාර්ගයේ එක් දුම්රියක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2 ක්, කුරුණෑගල සිට හා මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 2 ක් එලෙස අවලංගු කළ බවයි.

මේ අතර කොළඹ – බදුල්ල උඩරට මැණිකේ දුම්රියක් ද අද අවලංගු කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට නිලධාරියෙකු පත් කිරීමේ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

Aruna 

Social and Equity

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (12) නියෝග කර තිබේ.

කළුතර උතුර, සුබසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි අයෙකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

කළුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන්ට ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ලද නිර්දේශ මත බන්ධනාගාර ගතකර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා සිටීමෙන් පසු ලබන මැයි 15 දා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ මහතා සඳහන් කර තිබෙන්නේ  සිය එල්ලවී ඇති චෝදනා සැකකරුගේ බිරිඳ විසින් ගොතා එවන ලද එකක් බවත්, සිය සේවාදායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.

නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතයි.

Social and Equity

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද (11) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙකි.

සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

- Lankadeepa

Social and Equity

නාථගනේ ස්ථූපය හා පුරාවිද්‍යාමක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේවන විට සිදු කර අවසන් බවත්, මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත ද දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Social and Equity

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතය.

ජනතාව දැනුවත් කිරීම හා බෝවන ස්ථාන හඳුනා ගැනීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත.

මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ප්‍රකාශ කළේ ය.

Social and Equity

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකඟතාවය පළකර සිටි.

Social and Equity

පානදුර හා දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ" හික්කඩුවේ ඉස්සෝ සුජි" නැමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම් තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.