Friday, October 25, 2024
Follow Us
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් බවට පත් කරයි

1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශූරීන් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ වන විට වසර 120ක් පමණ පැරණි "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.

මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි පවතී.

ඒ් අනුව ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින්, "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණ කර තිබේ.

පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.