Friday, October 25, 2024
Follow Us
ජනවසම වතු සේවකයින්ට ඉඩම් හිමිකම් ඔප්පු

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කුමාරවත්ත සහ දියලුමවත්ත වතු දෙකෙහි වතු සේවකයන් 150 දෙනෙකු වෙත නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මොණරාගලදී සිදුකෙරිණි. 

එමෙන්ම එයට සමගාමීව අක්කර 30 ක භූමියක නව ආදර්ශ පොල් වගාවක් ආරම්භ කිරීම වෙනුවෙන් පොල් පැළ රෝපණය කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේය.

වැඩිදුරටත් අදහස දැක් වූ අමාත්‍යවරයා, 

" කුමාරවත්ත සහ දියලුමවත්තේ සේවය කරන ජනතාවට නිත්‍යානුකුලව හිමි විය යුතු ඉඩම් අයිතිය පිළිබද ගැටලුව මේ ආකාරයෙන් විසඳීමට හැකි වීම පිළිබඳව මා සතුටු වෙනවා. මීට පෙර ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස සකස් කරලා දුන් ජනතාවගෙත් ඉඩම් බලපත්‍ර ඉක්මනින්ම ලබා දීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම වැවිලි භාරය හරහා පේලි නිවාස සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කරදීමටත් කටයුතු කරනවා.”