Friday, October 25, 2024
Follow Us
කෝටි පහක ගිනුම් දෙකක් තහනම් කරයි

පානදුර හා දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ" හික්කඩුවේ ඉස්සෝ සුජි" නැමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම් තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

එම මුදල් බැංකු ගතව ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවකට රඳවා සිටින පානදුර නල්ලූරුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුගේ නමට එම ගිණුම් දෙකම අයත්ව තිබෙන බව පොලිසිය කියයි.

අදාළ බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව බැංකු දෙකේ කළමනාකරුවන් වෙත මුදල් විශුද්ධි කිරීමේ වැළැක්වීමේ පනතේ හත 1 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් තැන්පත් කර තිබූ ු ගිණුම් දෙක තහනම් කිරීමේ නියෝග කළමනාකරුවන් වෙත භාරදුන් බව විමර්ශන සිදු කරන නිලධාරියෙක් පැවැසීය.

සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ලෙස ආරම්භ කර තිබෙන මෙම ගිණුම් දෙකට මේසා විශාල මුදලක් ඉතා කෙටි කාලයක් තුළ කළමනාකරුවන්ගේ ඇස් වසා ගිණුම් ගත වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ දක්ෂතාව හේතුවෙන් අනාවරණය වීමක් යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

-Lankadeepa