Thursday, October 24, 2024
Follow Us
Social and Equity
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
Social and Equity

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (27) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතියි.

Social and Equity

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙරපාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Social and Equity

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී වීදි සංචාරය කෙරේ.

Social and Equity

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල පොලී අනුපාත අගෝස්තු 25 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබේ.

Social and Equity

 

කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ වනාන්තර ගිනි තැබීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ය.

වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද එහිදී යෝජනා විය.

ත්‍රිවිධ හමුදාව,පොලීසිය,සිවිල් ආරක්ෂක බලකාය,ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව,ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට එහිදී යෝජනා විය.

වන රක්ෂිත ආරක්ෂා කිරීම හා කැලෑ ගිනි තබන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මගින් පාසල් දරුවන් දැනුවත් කිරීම එක් අරමුණකි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටුවල සහාය ලබා ගනිමින් වනාන්තර ආරක්ෂා කිරීමට හා ඒවාට හානි කරන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට සහාය ලබා ගැනීමට කටයුතු කළයුතු බව ද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් වනාන්තර ආශ්‍රිතව ඇති ගම්මානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය විය.

හදිසි අවශ්‍යතාවයකදී පළාත් පාලන ආයතනවල ඇති ගිනි නිවීමේ ඒකකවල සහයෝගය ලබා ගැනීමට ද එහිදී තීරණය විය.

ඇතැම් මාධ්‍ය මගින් වැරදි තොරතුරු සමාජ ගත වන බවත් නිවැරදි තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ජනතාව දැනුවත් නොකළහොත් සාවද්‍ය මත සමාජගත වන බවත් එය නිවැරදි කිරීමට නම් අදාළ ආයතන ප්‍රධානීන් සත්‍ය කරුණු ජනතාවට පැවසිය යුතු බවත් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව , විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය,අදාළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නා ලෙස ද එහිදී අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

මෙම අවස්ථාවේදී ලැව් ගිනි නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස ගිනි පටි කැපීම සහ ජල සම්පීඩක යන්ත්‍ර යොදා ජලපාලනය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා විනි.
ඒ සඳහා අදාළ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

Social and Equity
  •  උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමටත් උපදෙස්
    • සෑම ශාස්ත්‍ර පීඨයකම තොරතුරු තාක්ෂණය පිළිබද අධ්‍යයනාංශයක් පිහිටුවීමට පියවර
Social and Equity

නෙළුක්කුලම පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේ කුඩා දැරියක් වතුර ටැංකියකට වැඩීමෙන් මරණයට පත්ව තිබේ.

Social and Equity

විවිධ ආයතන අතර පවතින ආරවුල් මෙන්ම පුද්ගලයින් සහ ආයතන අතර ව්‍යාපාර ගනුදෙනුවලින් ඇති වන මුල්‍ය ආරවුල් විසදීම දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

Social and Equity

රටේ ධනාත්මක වෙනසක් සිදුකල හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Social and Equity

TANTRI ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් දෙමටගොඩ දුම්රිය මැදිරි අලුත්වැඩියා කරන වැඩබිම දැකබලා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි ගියේ ය.

Social and Equity

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කෙරිණි.

Social and Equity

ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා  ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

Social and Equity

රණවිරු සේවා අධිකාරිය විසින් පසුගිය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් රණවිරු පවුල්වල දරුවන් දස දෙනෙකු සදහා අ.පො.ස (උසස් පෙළ) අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අත්වැලක් වශයෙන්  වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමන ලදි.

Social and Equity

කට්ටකඩුව ජලාශය නියඟය නිසා සිඳී යාම හේතුවෙන් ඇති වන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස  චන්ද්‍රිකා වැවෙන් කට්ටකඩුව ජලාශයට වතුර ලබා දීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Social and Equity

47 වන ජාතික ක්‍රීඩා තරඟාවලිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගීත්වයෙන් ඊයේ (24) සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

Social and Equity

මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු නොසන්සුවීම හේතුවෙන් පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් කලබලකාරී තත්ත්වයක් ඇති විය.