Thursday, October 24, 2024
Follow Us
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලී පෙරහැර අද

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (27) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතියි.

පස්වරු හය පසුවී මිනිත්තු හතළිස්හයට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් ඇසළ පෙරහැර දකුණු දිශාභිමුඛව වීදි සංචාරයට එක්වේ.
දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් ගන්නා ඇසළ පෙරහැර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුකෙරේ.
පළමු රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළ අතර පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් සහභාගීවිය. පළමු රන්දෝලි පෙරහැර දින දන්ත ධාතූන් වහන්සේ උදෙසා මීපැණි පූජා කළ ආදිවාසීන් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියෝය.
පළමු රන්දෝලි පෙරහැර දින සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහරාජා ඇතු විසින් වන අතර මියන්රාජා සහ කණ්ඩුල ඇතුන් දෑලේ ගමන් ගත්තේය.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්විය.