Thursday, October 24, 2024
Follow Us
දෙවන කුඹුල් පෙරහරේ ඇතුන් දෙදෙනෙකු නොසන්සුන් වෙයි

මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු නොසන්සුවීම හේතුවෙන් පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් කලබලකාරී තත්ත්වයක් ඇති විය.

එම අවස්ථාවේදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් වැවට පැන ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගැනීමට කටයුතු කර තිබේ.

කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු ප්‍රසිද්ධ හෝටලයක කොරිඩෝව මතට කඩාවදී තිබේ.

එම අවස්ථාවේ ඇත්ගොව්වන් පිරිසක් විශාල වෙහෙසක් දරා එම ඇතා බැඳදැමීමට කටයුතු කර ඇත.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. 

-Aruna