Thursday, October 24, 2024
Follow Us
දැන් ධීවර සංස්ථා මාළු ONLINE ක්‍රමවේදය හරහා ගෙදරටම

ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා  ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

පසුගියදා (23) නාරාහේන්පිට  කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළඳසැල නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

ඒ අනුව පළමු අදියරේ දී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙනු ඇත.

"පොඩි ඉඩක පවත්වාගෙන ගිය අවිධිමත් ධීවර සංස්ථා වෙළඳසැල තමයි, අද මේ විදිහට පාරිභෝගිකයන්ට සුව පහසු විදිහට ප්‍රතිනිර්මාණ කරලා තියෙන්නේ. මෙතැන දැන් මුදලින් වගේම QR ක්‍රමයටත්  මුදල් ගෙවීමේ හැකියාව තියනවා. UBER, PICKME වගේ සේවා හරහා පාරිභෝගිකයන්ට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගෙන ගෙදරට ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා කරලා තියෙනවා. ගොඩනැගිලි විතරක් නෙවෙයි මේ වෙනකොට ධීවර සංස්ථාවම අලුත් අදහස් එක්ක නවීකරණය වන බවට මේක හොඳ සාක්ෂියක්"