Thursday, October 24, 2024
Follow Us
නියඟය හේතුවෙන් ඇති වූ පානිය ජල ගැටලුවකට විසඳුම් ලැබෙයි 

කට්ටකඩුව ජලාශය නියඟය නිසා සිඳී යාම හේතුවෙන් ඇති වන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස  චන්ද්‍රිකා වැවෙන් කට්ටකඩුව ජලාශයට වතුර ලබා දීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව කට්ටකඩුව ජලාශය නැවතත් ජලයෙන් පිරීගොස් තිබෙන අතර දැන් එම ජලාශ යෝජනා ක්‍රමය යටතේ පානීය ජලය ලබාගන්නා ජනතාවට ගැටලුවක් නොමැති බවත් ඒ වගේම එරමිනියාය වැවත් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදලම ලබා දීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා 

 

ඒ වගේම අඟුනකොලපැලැස්ස ජල යෝජනා ක්‍රමයට වතුර ලැබෙන එරමිනියාය වැවත් සිඳී ගොස් තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.