Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම නිවෙසේ සිටම සිදු කළ හැකි ආකාරයට ඩිජිටල් විසඳුමක් සලසමින් ‘ඩිජිටල් රාජ්‍ය පෝරම’ (Digital Government Forms) හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.

Social and Equity

විදුලිය පාරිභෝජනයෙන් මසක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු ය.

රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි. 

රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.

විදුලිය  විසන්ධි කරනුයේ ඉන් පසුවයි

  • ලංකා විදුලිබල මණ්ඩලය

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලැබේ.

සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි. 

ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10 ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.

විදුලිය  විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි.

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන්  ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවති. ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත  දැනුම් දෙනු ලැබේ. එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි වේ.

තව ද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසා තැබීම, පදිංචි කරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන (0 consumption) තත්වයේ පවතින ගිණුම් සංඛ්‍යාව  35,848 කි.

Social and Equity

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Social and Equity

ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් ලබාදිය නොදිය යුතු බවත්, එසේ මුදල් ලබාදී ඇති බවට තහවුරු වුවහොත් මුදල් ලබාදුන් අයගේ රැකියා අවස්ථාවන් අහිමිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

Social and Equity

කළුතර දිසා අධිකරණයේ කාර්යාල සහයකයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Social and Equity

මෙරටට පසුගිය වසර තුන තුළ කිරි අල, බතල හා මඤ්ඤොක්කා කිසිසේත්ම ආනයනය කර නැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාව අවධාරණය කරයි.

2022 වසරේ දී ඩොලර් මිලියන 295ක් වැය කරමින් මෙරටට එළවළු හා පලතුරු විශේෂයෙන් කිරිඅල, මඤ්ඤොක්කා හා බතල පවා ආනයනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කර තිබු ප්‍රකාශය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කරන ලදී.

ඒ අනුව එම කාරණය සම්බන්ධව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

එම කාරණයට අදාලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය විසින් සකස් කරන ලද වාර්තාවක් ඊයේ (04) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබා දී ඇත.

ඒ අනුව 2020, 2021, 2022 වර්ෂවල දී මෙරටට කිසිදු අයුරකින් කිරිඅල, බතල, මඤ්ඤොක්කා ආනයනය කර නොමැති බව එම වාර්තාව අවධාරණය කරයි.

නමුත් මෙරටින් අදාල වර්ෂ තුන තුළ කිරිඅල, බතල හා මඤ්ඤොක්කා අපනයනය කර ඇත. ඒ අනුව 2022 වර්ෂයේ මඤ්ඤොක්කා මෙට්‍රික් ටොන් 1203ක්, කිරි අල මෙට්‍රික් ටොන් 04ක් හා බතල මෙට්‍රික් ටොන් 81ක් අපනයනය කර තිබේ.

කිරි අල අපනයනය මගින් 2020 දී රුපියල් මිලියන 01ක් හා 2021 හා 2022 වර්ෂවල දී රුපියල් මිලියන 02ක් හා 03ක් වශයෙන් ආදායම් ලබා තිබේ.

බතල අපනයනය ගත් කළ 2020 දී රුපියල් මිලියන 36ක් ද, 2021 දී රුපියල් මිලියන 50ක් හා 2022 දී රුපියල් මිලියන 82ක් ලෙස ද වාර්තා වී ඇත.

මඤ්ඤොක්කා අපනයනය මගින් අදාල වර්ෂ තුන තුළ පිළිවෙළින් රුපියල් මිලියන 650ක්, රු. මි. 698ක් හා රුපියල් මිලියන 1203ක් වශයෙන් ආදායම් ලබා ඇත.

තක්කාලි ආනයනය කර ඇති අතර එසේ ආනයනය කර ඇත්තේ ඇතැම් සෝස්වර්ග, ජූස් වර්ග හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන වර්ග සකස් කිරීම සඳහා ය. නමුත් තක්කාලි අපනයනය 2020 දී මෙට්‍රික් ටොන් 67ක්, 2021 දී මෙට්‍රික් ටොන් 88ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 76ක් වශයෙන් බව ද දක්වා ඇත.

එළවළු බීජ 2020 මෙට්‍රික් ටොන් 1955, 2021 මෙට්‍රික් ටොන් 1701ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 2363ක් ආනයනය කර ඇත.

මේ අතර රේගු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති දත්ත අනුව 2023. 01. 01 දින සිට 2023.11.22 දක්වා වූ කාලය තුළ ද මෙරටට කිරි අල, බතල හෝ මඤ්ඤොක්කා කිසිසේත්ම ආනයනය කර නැත.

සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සඳහා සහ වෙනත් ආශ්‍රිත නිෂ්පාදන සඳහා කොමඩු හා වම්බටු ආනයනය කර ඇත. පැනි කොමඩු 2020දී මෙට්‍රික් ටොන් 08ක්, 2021දී මෙට්‍රික් ටොන් 02ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 09ක් ආනයනය කර ඇත.

නමුත් පැනි කොමඩු 2020 දී මෙට්‍රික් ටොන් 13ක්, 2021 දී මෙට්‍රික් ටොන් 10ක් හා 2022 දී මෙට්‍රික් ටොන් 10ක් ද වශයෙන් අපනයනය කර තිබේ.

වම්බටු මෙට්‍රින් ටොන් 03ක්, 02ක් හා 09ක් වශයෙන් අදාල වර්ෂ තුන තුළ ආනයනය කර ඇති අතර පිළිවෙළින් මෙට්‍රික් ටොන් 07ක්, 02ක් වශයෙන් 2020 හා 2021 වර්ෂවල දී අපයනය කර ඇත.

මෙරට වගා කළ හැකිව තිබිය දී කිරිඅල, බතල හා මඤ්ඤොක්කා වැනි අල වර්ග පවා මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වැය කළ බව සඳහන් කර තිබීම මෙම වාර්තාව අනුව මුළුමනින්ම අසත්‍ය බව පැහැදිළි වේ.

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් දේශීය වශයෙන් වගා කළ හැකි සෑම දෙයක්ම මෙරට තුළ දීම වගා කිරීම සඳහා කටයුතු යොදා ඇත. ඒ යටතේ ඉදිරි වර්ෂය තුළ ද කාලගුණික බලපෑමක් එල්ල නොවුවහොත් අපිට අවශ්‍ය බෝග වර්ග මෙරට දීම නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ මේ වනවිටත් සකසා අවසන් කර තිබේ.

Social and Equity

බෝ නොවන  රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා   ඉල්ලීමක් කිරීමට  තීන්දු කළ බව  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Social and Equity

මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිණි.

Social and Equity

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා(29) පාර්ලිමේන්තුවේදී රැස් විය. 

Social and Equity

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

Social and Equity

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

Social and Equity

මෙරට ශ්‍රම බලකායේ අවිධිමත් අංශය නියෝජනය කරනු ලබන සෑම අයෙකුටම ගෞරවයක් ලබාදීමේ අරමුණින් ගරු සරු වැඩසටහන යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.

Social and Equity

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී  මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.

Social and Equity

විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

එසේම උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් කර තිබේ.

එම නව නීති එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් නිවේදනය කළේය.

Aruna

Social and Equity

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ඊයේ (06) සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු (21) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Social and Equity

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ඊයේ(05) උදෑසන සිට 07 වනදා උදෑසන දක්වා ඇඹිලිපිටිය, කාවන්තිස්ස රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කෙරේ.

Social and Equity

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස්  දුන්නේය.