Wednesday, October 23, 2024
Follow Us
 "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු ලලිත් ද  අල්විස් මහතාගේ උපදෙස් පරිදි ලංගම සංවර්ධන, පුහුණු හා පර්යේෂණ කොට්ඨාසශය හා සිවිල් ඉංජිනේරු අංශය මගින් මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ.

දෙසැම්බර් මස 03 වෙනි දිනට යෙදෙන ලෝක ආබාධිත සැමරුම් දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියට, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධිත ප්‍රජාව සඳහා සහන සැලසීමේ උපදේශන කාරක සභාවේ උපදෙස් සහ ශ්‍රී ලංකා ආබාධිතයින්ට සහන සැලසීමේ කොමිසමේ මාර්ගෝපදේශකත්වය හිමිව තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.