Wednesday, October 23, 2024
Follow Us
Social and Equity

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස්  දුන්නේය.

Social and Equity

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබේ.

Social and Equity

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 72 කින්ද, පාසල් 53 කින්ද ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් රජයේ ආයතන 121 ක් සහ පාසල් 65 ක කරන ලද පරීක්ෂාවේදී ඩෙංගු මදුරු කීටයන් බෝවෙන ස්ථාන හඳුනාගෙන ඇත.

Social and Equity

අනතුරකින් තරුණයකු මිය යාමට කළ පළිගැනීමක්

අනතුරකින් තරුණයකු මිය යාම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස පිටකොට්ටේ පාගොඩ පාරේ දී බස් කොන්දොස්තරවරයෙකු ට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ බව කියන ඥාති සොයුරන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

Social and Equity

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ පසුගිය 01 සිට ආරම්භ වී තිබේ.

Social and Equity

ලංගම ආයතනයේ පැවැති වංචා දූෂණ පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂ පසුගිය සතියේ පත් කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ක්‍රීඩාවල යෙදීමේදි තහනම් ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතකින් බලය හිමිකර දී ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යයතනයයි.

Social and Equity

සාමාන්‍යයෙන් දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් මෙරට ජනනය වුවත් ඉන්  නැවත එක්රැස් වන්නේ සියයට 32ක් පමණක් බවත්, එලෙස එකතුවන ප්ලාස්ටික්වලින් යාන්ත්‍රික  ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4ක් පමණක් බවත් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී පසුගියදා අනාවරණය විය. 

Social and Equity

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (29) වැටලීම් කර තිබේ.

Social and Equity

පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩසටහන් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා ද තිබේ. 

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව   පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවේදීය. 

අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහළ ඉල්ලුමක් පවතී. සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල්  කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම  සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය මෙහිදී අවධාරණය කළේය.

දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.

විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටලුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.

එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Social and Equity

අනාගත සමාජ අභියෝගවලට මුහුණ දීම සඳහා සුවිශේෂී නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ජවසම්පන්න, දැනුමෙන් සන්නද්ධ, විනයගරුක පුරවැසියන් බවට තරුණ ප්‍රජාව හැඩගැන්වීම අරමුණු කර ගත් ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා වන ‘ජාතික තරුණ විරු සම්මානය’ හඳුන්වා දීමේ ක්‍රියාන්විතය ජාතික ශිෂ්‍යභට බලකාය හරහා සිදුකරන බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Social and Equity

ලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් දිවයිනට රැගෙන එයි.

Social and Equity

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීමේ අරමුණින්  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Social and Equity
රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සම්පාදිත ‘ඔබේ අයිතීන් දැනගන්න’ කෘතිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා  (29) පාර්ලිමේන්තුවේදී එළි දැක්විණි.
Social and Equity

2024 මාර්තු මාසයට යෙදී තිබෙන කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන වන විශේෂ වැඩසටහන් අතර රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

Social and Equity

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, තැපැල් මුද්දර චිත්‍ර තරඟය තුළින් තෝරා ගන්නා ලද චිත්‍ර දෙකක් ඇසුරෙන් නිර්මාණය කරන නත්තල් තැපැල් මුද්දර ද්විත්වය නිකුත් කිරීම පුංචි බොරැල්ල, ශාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ දී පසුගියදා සිදු කෙරිණි.

Social and Equity
  • විශ්රාමික දීමනා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීමට යම් කිසි සූත්රයක් සකස් කරන්න -
• විශ්රාමික මරණ ඉක්මණින් වාර්තා කිරීම සඳහා ඩිජිටල් ක්රමවේදයක අවශ්යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානය
• ආබාධිත හා වැඩිහිටි දීමනා ප්රතිලාභීන් අස්වැසුම යටතේ සකස් කෙරෙන සමාජීය ප්රතිලාභ ලැබිය යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවට (Social Registry) ඇතුලත් කරන්න - කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්
Social and Equity

අසනීප තත්වයකට ප්‍රතිකාරයක් ලෙස ශාන්තිකර්මයක් සිදුකල යුතු බවට පවසා නිවසට ගෙන්වා ගත් තරුණියකට ලිංගික අපයෝජනක් සිදුකල බවට චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආධාරයෙන් සිර කුටියේ  දොරෙහි හරහට සවිකර තිබූ යකඩ පටියක එල්ලී ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි  අතුරුගිරිය පොලීසිය පවසයි