Wednesday, October 23, 2024
Follow Us
ලංගම වංචා දූෂණ පිළිබඳ විශේෂ විමර්ශනයක්

ලංගම ආයතනයේ පැවැති වංචා දූෂණ පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂ පසුගිය සතියේ පත් කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගත් නවක රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් මුදල් ගෙවා ලබා ගත යුතු වනවා. ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනය ආදී සේවාවන් ලබාදීම සඳහා බදු ගෙවන ජනතාවගේ මුදලින් විශාල ප්‍රමාණයක් කැප කරනු ලබනවා. තවත් වසර තුනක් දක්වා රජය කිසිදු ආයතනයක් සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ නැහැ. රජයේ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් හා සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීමෙන් අනතුරුව බදු ආදායම අවසන් වනවා.කවුරුන් විසින් රජය මෙහෙයවුවත් බදු මුදලින් සිදු කළ හැක්කේ මෙම කාර්යයන් දෙක පමණයි. ගෙවිය යුතු ණය සඳහා පොලී ගෙවා තිබෙන්නේ නැවත ණය මුදල් ලබා ගැනීමෙන්. මාර්ග ආදී අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ඇතුළු ප්‍රාග්ධන වියදම් දරා තිබෙන්නේ ණය මුදල් ලබා ගැනීම තුළින්. නිදහසින් පසු සෑම රජයක් විසින්ම දේශීය හා විදේශීය වශයෙන්  මෙලෙස ණය ලබාගෙන තිබෙනවා.

සෑම අවස්ථාවකම ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ ලබාගන්නේ රටේ සුවහසක් පොදු ජනතාවයි. රටේ අනාගත පරපුර වන පාසැල් සිසු සිසුවියන්. එම නිසා මේ ගෞරවාන්විත වගකීම සුරක්ෂිතව ඉටුකිරීම සියලු දෙනා වෙත පැවරෙනවා. එළැඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් තිබෙනවා. අනාගත දියුණු ලංකා ගමනා ගමන මණ්ඩලය ඒ තැනට රැගෙන යන්නට නවක පත්වීම් ලබන සියලු දෙනා ද අධිෂ්ඨාන කරගත යුතුයි."