Wednesday, October 23, 2024
Follow Us
කාන්තාවන් වෙනුවෙන් කෘතියක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ
රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සම්පාදිත ‘ඔබේ අයිතීන් දැනගන්න’ කෘතිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා  (29) පාර්ලිමේන්තුවේදී එළි දැක්විණි.

 පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය සහ ළමුන්, කාන්තාවන් සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මූලිකත්වයෙන් සම්පාදිත මෙම අත්පොත සදහා USAID ආයතනයේ මූල්ය අනුග්රහය ද ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනයෙහි (NDI) සහය ද හිමිවී ඇත.

පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්ය ගරු සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ , ළමුන්, කාන්තාවන් සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනිය වන  රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන් විසින් මෙම කෘතිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විණි.
 
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට මුහුණ දීමට සිදුවන වාචික හා කායික හිංසනයන්ට එරෙහිව පියවර ගත්ත ද ලිංගික හිංසනයන් පිළිබද පියවර ගැනීමට මැලිකමක් දක්වන බවයි. එබැවින් එවැනි අවස්ථාවක ගත යුතු පියවර සම්බන්ධයෙන් කාන්තාවන් සතු ඇති දැනුවත් බව වැදගත් බව සභාපතිවරිය පෙන්වා දුන්නාය.
 
එසේම මෙහිදී අදහස් දැක්වූ ළමුන්, කාන්තාවන් සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු තලතා අතුකෝරළ මහත්මිය පෙන්වා දුන්නේ කාර්යාලවල සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සංසදය ඇතුළු වගකිවයුතු ආයතනවලට පෞද්ගලිකත්වය ආරක්ෂාවන ලෙස දැනුම් දීම සදහා නිසි ක්රමවේදයක් සැකසිය යුතු බවයි. එසේම කාන්තාවන්ට සිදුවන ප්රචන්ඩත්වයට එරෙහි වැඩපිළිවෙලේ එක් ප්රධාන මූලාරම්භයක් ලෙස මෙය සදහන් කළ හැකි බැවින් මෙම පියවර ඉදිරියටත් ගෙනයාම සදහා අනුග්රාහක ආයතන ඇතුළු සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බවද පැවසීය.
 
රැකියා ස්ථානයේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ලිංගික හිරිහැරවලදී ප්රතිචාර දැක්විය යුතු ආකාරය මෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකි පාර්ශ්ව සම්බන්ධකරගත හැකි විස්තර ද මෙම අත්පොතෙහි අන්තර්ගත කර තිබේ.
 
කාන්තාවට සිදුවන ප්රචන්ඩත්වයට එරෙහිව නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා අන්තර්ජාතිකව දියත් කරනු ලබන ‘16 Days Of Activism’ වැඩසටහනට සමගාමීව මෙම කෘතිය එළිදැක්වීම සංවිධානය කර තිබිණි.
රාජ්ය අමාත්ය  පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන රවුෆ් හකීම්, ගරු මයන්ත දිසානායක, කෝකිලා ගුණවර්ධන,  රාජිකා වික්රමසිංහ, මංජුලා දිසානායක සහ  මුදිතා ප්රශාන්ති යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්යාංශයේ ලේකම් යමුනා පෙරේරා, NDI ආයතනයේ මෙරට අධ්යක්ෂ අසෝක ඔබේසේකර යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.