Wednesday, October 23, 2024
Follow Us
තරුණියකට ලිංගික අපයෝජන කළ සැකකරු සිරමැදිරියේ ගෙල වැළලා ගනියි

අසනීප තත්වයකට ප්‍රතිකාරයක් ලෙස ශාන්තිකර්මයක් සිදුකල යුතු බවට පවසා නිවසට ගෙන්වා ගත් තරුණියකට ලිංගික අපයෝජනක් සිදුකල බවට චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආධාරයෙන් සිර කුටියේ  දොරෙහි හරහට සවිකර තිබූ යකඩ පටියක එල්ලී ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි  අතුරුගිරිය පොලීසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි දෙදරු පියෙකු වන වත්තක මුරකරුවකු ලෙස සහ යකදුරෙකු ලෙස රැකියාව කල පුද්ගලයකි

මිය ගිය පුද්ගලයා විසින් ලිංගික අපයෝජනයක් සිදුකල බවට හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19 හැවිරිදි  තරුණියක විසින් සිදුකළ  පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා  හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන රැගෙනවිත් පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි

එම පුද්ගලයා හැද සිටි කලිසමෙහි තිබූ නූලක් උපයෝගී කර ගනිමින් මෙලෙස සිර මැදිරිය තුලදී ගෙල වැළලාගෙන ඇති බවත් එම අවස්ථාවේදී සිර කුටිය තුල තවත් සැකකරුවන් දෙදෙනකු සිට ඇති බවත් පොලිසිය පවසයි

එම අවස්ථාවේදී ම ගෙල වැළලාගත් නූල කපා දමා 1990 ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල ද ඒ වන විටත් මියගොස් සිටි බවද අතුරුගිරිය පොලීසියේ උසස් පොලීසියේ උසස් නිලධාරියකු පැවැසීය

පැමිණිල්ල සිදුකල  තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් එම තරුණියට තිබෙන අසනීප තත්ත්වයක් සඳහා යාගහෝම මගින් ප්‍රතිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව පවසා එම තරුණිය මිය ගිය පුද්ගලයාගේ නිවසට රැගෙන විත් සිටියදී මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

මියගිය පුද්ගලයා සිය බිරිද සහ දරුවන් සමග නිදා සිටි අවස්ථාවේදී ඒ අසලම නිදා සිටි බව කියන අපයෝජනයට ලක් වූ  තරුණියට මෙම ලිංගික අපයෝජනය සිදු කර ඇති බවත් පොලිසිය පවසයි

සිද්ධිය  වූ  අතුරුගිරිය පොලීසියේ සිර මැදිරිය තිබෙන ස්ථානයට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලදී

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ

 

Dinamina