Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට  අදාළ සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා පවසයි. 

Social and Equity

කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

Social and Equity

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මරණය, හිසට වම් පාදයට සහ පපුවට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සහ අභ්‍යන්තර ලේ වහනයෙන් සිදු වූ හදිසි මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා තීරණය කර තිබේ.

Social and Equity

ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Social and Equity
  • එක් ආයතන ව්‍යුහයක් යටතේ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද ජනපති එක් වෙයි.

Social and Equity

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර පොලිස් අපරාධ දිසාවේ වැඩ ආවරණය සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත් කරනු ලැබීය. මෙම පත් කිරීම සිදු කර ඇත්තේ දැනට ඔහු දරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරවය.

Social and Equity

මෙරට සිනමාව අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු කර්මාන්තයක් බවට ඔසවා තැබිය හැකි ප්‍රමාණාත්මක ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කළ හැකි පරිදි ජාතික චිත්‍රපට සංවර්ධන කොමිසම කඩිනමින් පිහිටුවන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබේ.

Social and Equity

ලෝවැසි බුදුනුවන්ට මෙන්ම වෙසෙසින් සිරි ලක් දිව් වැසි සැදැහැවතුන්ටද අතිශය වැදගත් වන කරුණු රැසක් යෙදෙන දුරුතු පුර පසළොස්වක් පොහොය අදට යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ උරුවෙල් දනවුවේ විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් පිරිසකට සදහම් මඟ පහදා සසුන්ගත කර, ඒ පිරිසද සමඟ රජගහ නුවරට වැඩම කළේ අද වන් පොහොය දිනකය. ඒ ගමනේදී එනුවර බිම්බිසාර රජු සහ වැසියන් තෙරුවන් සරණ ගිය උවසුවන් බවට පමුණුවාලූ බුදු හිමියන් වෙත සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවනාරාමයද පුදනු ලැබීය.

Social and Equity

“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

Social and Equity

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වාදීම සහ ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, ඊයේ(27) විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

Social and Equity

අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

හිස් ප්ලාස්ටික් බෝතල් කිලෝවක් රුපියල් අසූවක උපරිම මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඊයේ ( 29) සිට ආරම්භ කෙරිණි.

Social and Equity

කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාව හේතුවෙන් එම මාර්ගය වැසෙන වෙලාවන් පිළිබඳ දැනුම්දීමක් කර තිබේ.

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහා නායකයන් බැහැදකී

විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ, රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.

එහිදී මේවන විට රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ කිසිඳු විදේශීය රටකින් ණය ආධාර මුදලක් ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබියදී පවා ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුම් එකඟතා පිළිබඳ අවධානය යොමු කරමින් 2011 වසරේ සිට දශකයකට අධික කාලයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

එහිදී ලෝක බැංකුව සහ ආසියානු කලාපීය නියෝජිතයින් රට තුළ පවතින ආර්ථික තත්ත්වය සහ ඩොලරයේ අගය ඉහළ යෑම පිළිබඳවද සලකා බලමින් මේ සඳහා වැය කිරීමට සිදුවන සම්පූර්ණ මුදල මේ වන විට වෙන්කර අවසන් බවත් සැලසුම් කළ ආකාරයට වසර දෙකක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීම අමාත්‍යංශයේ සැලසුම බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දෛනිකව විදෙස් සංචාරකයින්  ඇතුළු අති විශාල ජනතාවක්, සහ රථවාහන අති විශාල ප්‍රමාණයක් ගමනාගමනයේ යෙදෙන රටේ දෙවැනි අගනුවර බඳු මහනුවර නගරය වඩාත් ක්‍රමවත් සහ සැලසුම් සහගතව නවීකරණය කිරීමට කටයුතු කිරීම සහ ඒ පිළිබඳ මූලිකත්වය ගැනීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.

මේ අවස්ථාවේ රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ ගැටලු පිළිබඳ අමාත්‍යවරයා විසින් රචනා කරන ලද "දෙදහස් විසිහතර අයවැය - ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතියේ පිටපතක්ද ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේ වෙත අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කළ මහානායක ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයා වෙත සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර  ෆෙයි ඩෙංග් මහත්මිය සිහිවටන බුද්ධ ප්‍රතිමාවන් දෙකක් පිරිනමන ලදී.

මහනායක හිමියන් බැහැදකීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් අතර දළදා මාලිගා පරිශ්‍රයේ සංචාරයකටද එක් විය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර  ෆෙයි ඩෙංග් මහත්මිය, ක්‍රමාන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, මෙරට ලෝක බැංකු ප්‍රධානීන් ඇතුළු නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Social and Equity

The Navy apprehended 03 individuals who engaged in shell fishing, during a search operation conducted in the Ippantivu sea area of Kalpitiya on 25th January 2024. Meanwhile, the size of the seized conch shells (about 1856) was not within the legally accepted limit. The Navy also held the dinghy used for this illegal act.

Social and Equity

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාරවරුන් ලෙස බඳවා ගත් තවත් 51 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (23) වනජීවි හා වන සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.