Tuesday, October 22, 2024
Follow Us
 තවත් "වන ක්ෂේත්‍ර සහකාරවරුන් " පිරිසකට පත්වීම් ප්‍රදානය කෙරේ

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාරවරුන් ලෙස බඳවා ගත් තවත් 51 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (23) වනජීවි හා වන සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

මීට පෙර පළමු අදියර ලෙස, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වන ක්ෂේත්‍ර සහකාරවරුන් ලෙස 89 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කළ අතර, දෙවන අදියර යටතේ බඳවාගත් 51 ද සමගින් සම්පූර්ණයෙන් 140 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර වැටුපක් ලබනවා සේම, සොබාදහමට ආදරය කිරීම කුසල් වැඩෙන කාර්යයක් බව බෞද්ධාගමිකයෙකු ලෙස තමා විශ්වාස කරන බවයි.
ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් පෙරලා රටට සේවය කළයුතු බවට අධිෂ්ඨාන කර ගතයුතු අතර ම, ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා ගෙන නම්‍යශීලී ලෙස සේවය කිරීමට වගබලා ගතයුතු බවත් අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය.