Saturday, October 26, 2024
Follow Us
Social and Equity

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.

Social and Equity

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන"New Year in Paradise 2023" අලුත් අවුරුදු උත්සවය, අමාත්‍ය මනුෂ නානායක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී අද (15) උදෑසන පැවැත්විණි.

Social and Equity

දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියකු සහ ඔහුගේ පුත්‍රයා අවාසනාවන්ත ලෙස ඔස්ට්‍රේලියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා‌ වෙයි. බටහිර කෙයාර්න්ස්හි ක්‍රිස්ටල් දිය ඇල්ල ආසන්නයේ පිහිනුම්වල යෙදී සිටියදී දියේ ගිලී තිබෙන අතර පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා එහි ගොස් තිබෙන බවට අනාවරණය වී ඇත.

Social and Equity

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ මළසිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

Social and Equity

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට (16 ඉරිදා) පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය වේ.

Social and Equity

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) , හෙට (14) අනිද්දා (15) රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

Social and Equity

මෙවර අලුත් අවුරුද්දේ විදේශිකයින් සම්බන්ධ කර ගනිමින් අවුරුදු උත්සව සංවිධානය කර ආකාරයක් දක්නට ලැබෙන අතර මෙරට සංචාරක ආකර්ශනය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් දරන ප්‍රයන්තයක් ලෙස මෙය හැඳින් විය හැක.

ඒ් අනුව විදේශිකයන් සඳහා වෙන්වූ අලුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරුළු පැළදුවාය.

කොට්ට පොර, කඹ ඇදීම, බනිස් කෑම සහ කනාමුට්ටිය බිදීම ඇතුළු තරග රාශියක් මෙහි ඇතුලත්ව තිබූ අතර , විදේශිකයන් ඉතා උනන්දුවෙන් ඒ සදහා සහභාගි වන අයුරු දැකගත හැකිවිය.

Social and Equity

අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ශ්‍රම වෙළඳපොලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස් වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

Social and Equity

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට (17) දිනයේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිසම පවසයි.

Social and Equity

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Social and Equity

2018 සහ 2022 වර්ෂ සඳහා හජ් නියෝජිත ආයතන විසින් හජ් වන්දනාකරුවන් වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද රක්ෂණ ආරක්ෂක තැන්පතු මුදල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හජ් කමිටුව එක්ව අදාළ ආයතන වෙත විධිමත් ලෙස නිදහස් කර තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස ඊයේ (15) රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Social and Equity

සිංහල අලුත් අවුරුදු උදාව සිදු වන්නේ අප්‍රේල් 14 සිකුරාද‌ අපරභාග 02.59ටයි.

Social and Equity

2023 අප්‍රේල් මස 14 වන දිනට යෙදෙන අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට සමඟාමීව පැළයක් සිටුවා “අවුරුද්දට සිරිතක් - පරිසරයට පැළයක්” වැඩසටහන සමඟ එක්ව පරිසරය සුරැකීමේ මාහැඟි කාර්යයට එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලුම ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.

Social and Equity

විශේෂ අවශ්‍යතා ඇති යුවළකගේ විවාහ උත්සවයක් කළුතර, වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වුණි.

Social and Equity

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

Social and Equity

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.