Saturday, October 26, 2024
Follow Us

මෙවර අලුත් අවුරුද්දේ විදේශිකයින් සම්බන්ධ කර ගනිමින් අවුරුදු උත්සව සංවිධානය කර ආකාරයක් දක්නට ලැබෙන අතර මෙරට සංචාරක ආකර්ශනය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් දරන ප්‍රයන්තයක් ලෙස මෙය හැඳින් විය හැක.

ඒ් අනුව විදේශිකයන් සඳහා වෙන්වූ අලුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරුළු පැළදුවාය.

කොට්ට පොර, කඹ ඇදීම, බනිස් කෑම සහ කනාමුට්ටිය බිදීම ඇතුළු තරග රාශියක් මෙහි ඇතුලත්ව තිබූ අතර , විදේශිකයන් ඉතා උනන්දුවෙන් ඒ සදහා සහභාගි වන අයුරු දැකගත හැකිවිය.