Saturday, October 26, 2024
Follow Us
විදේශකයින් වෙනුවෙන් අවුරුදු උත්සවයක්

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන"New Year in Paradise 2023" අලුත් අවුරුදු උත්සවය, අමාත්‍ය මනුෂ නානායක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී අද (15) උදෑසන පැවැත්විණි.

අලුත් අවුරුද්ද හා බැදුන සංස්කෘති අංග රැසකින් අලුත් අවුරුදු උත්සවය අළංකාරවත්වී තිබූ අතර විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණි.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංගද මෙහි සංවිධානය කර තිබුණේය. මෙරට සංචාරයේ යෙදෙන කුඩා දරුවන් සඳහා වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක්ද සංවිධානය කර තිබිණි.

දේශීය ආහාර සකස් කිරීම පිළිබද සජීවී අත්දැකීම් සංචාරකයින්ට ලබාදීම සදහා දේශීය කැවිළි සහිත ගැමි මුළුතැන්ගෙයක්ද අලුත් අවුරුදු උත්සවය සදහා එක් කර තිබුණේය.

විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදීම සදහා සංවිධානය කළ මෙම අලුත් අවුරුදු උත්සවයට සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනුග්‍රහය දක්වා තිබේ.