Saturday, October 26, 2024
Follow Us
හජ් වන්දනාකරුවන්ගේ ආරක්ෂණ තැන්පතු යළි පිරිනමයි

2018 සහ 2022 වර්ෂ සඳහා හජ් නියෝජිත ආයතන විසින් හජ් වන්දනාකරුවන් වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද රක්ෂණ ආරක්ෂක තැන්පතු මුදල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හජ් කමිටුව එක්ව අදාළ ආයතන වෙත විධිමත් ලෙස නිදහස් කර තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැමිණ සිටි අතර අන්‍යෝන්‍ය සහයෝගය සහජීවනය සහ මනුස්සකම පිරුණු සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා දායක විය යුතු බව අවධාරණය කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
“ලෝකයේ හොඳම භාෂාව හදවතේ භාෂාවයි. මිනිසුන් ලෝකය හදන්න මේ තත්වයට ගේන්න බොහෝ කැප කිරීම් කළා. මහම්මද්තුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්, මඟපෙන්වන්නෙක්, දාර්ශනිකයෙක් හැටියට විශාල කැප කිරීමක් කළා. ඒ කැපකිරීම් නැවත සිහිපත් කර ඒවායේ අගය වටහාගෙන අපි කටයුතු කළ යුතුයි. මනුස්සකම අපෙන් ඉක්මනින් ඈත්වෙනවා. තරුණයින් පල්ලියෙන් ඈත්වෙනවා. මේ පිළිබඳව පිළිතුරු සොයන්න කාලය ඇවිත්. මේ සඳහා ඔබේ සමාජයේ මුස්ලිම් සොයුරන්, සොයුරියන්, පියවරුන්, මෑණිවරුන්, දූලා, පුතාලා සියලු දෙනාම වෙනුවෙන් ගතහැකි සාධාරණ මානුෂික පියවර ගැනීමට අපි පසුබට වෙන්නැහැ.” මේ හජ් වන්දනාවෙ මනුස්සකම තේමා කරගෙන කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.