Saturday, October 19, 2024
Follow Us
State

පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාලව හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3000/-ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීම 2024 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

State

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා(05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

State

ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි.

State

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන්ට නිවාස පහසුකම් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස  තමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

2024/08/01 දක්වා ඇප තැන්පත් කිරීම පහත පරිදි වේ.

State

ජනාධිපතිවරණය 2024 සඳහා නාම යෝජනා භාර දීම 2024.08.15 වන දින මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට අදාළව රථ වාහන සැලැස්ම පිළිබඳව පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

State

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇත. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

State

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

State

2024 ජනාධිපතිවරණය සඳහා අද (05) වන විට 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

State

අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

State

අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

State

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

State

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

State

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8)  ඉදිරිපත් කෙරිණ.

State

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

State

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.