Saturday, October 19, 2024
Follow Us
State

ජනාධිපතිවරණය - 2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අගෝස්තු මස 5 වැනි දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දේ.එම නිවේදනය පහත සඳහන් වේ.

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තුවේන්තුව සඳහන් කරයි.

State

චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

CT සහ  X කිරණ රූපකරණ ක්‍රම සඳහා භාවිත කරන Non Ionic Contrast Media මිලදී ගැනීම සඳහා යුනික් ෆාමර්සූටිකල්ස් ලැබෝටරීස් වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සංචාරක අමාත්‍යාංශය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ‌වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යන ආයතන සමඟ සහයෝගීතාවයෙන් ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම පසුගියදා (23) කොළඹ දී සිදු කෙරිණ.

State

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරතවන කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

අන්දෝලනයට ලක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීති ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

State
  • දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ.
  • 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්.
  • විගණකාධිපති බලතල තවත් ඉහළට.
  • අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි.
  • රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට.
  • බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කෙරේ.
State

බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු අදායම්ලාභී පුද්ගලයින් සඳහා සහන සැළසීම වෙනුවෙන් මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයෙන් රු. මි. 600 ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

State

The report from the Cabinet Sub-Committee appointed to investigate and recommend effective utilization of the Revenue Administration Management Information System (RAMIS) was recently presented to President Ranil Wickremesinghe at the President’s Office.

State

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

State

තේ වගාවට පොහොර යෙදීමට රජය තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළේය.

State

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් නිකුත් කර මුලික ඇගයීම් කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා ප්‍රකාශ කරයි.

State

වී අලෙවි මණ්ඩලය ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ කුඹුරු අක්කර 500ක කීරි සම්බා වගා කිරීමේ ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ඊයේ (20)  ආරම්භ විය.

State

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබේ. 

State

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.

State

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.