Saturday, October 19, 2024
Follow Us
State

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ගත වූ පැය 24 කාලය තුළ (2024.08.19 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

State

ධීවර ජනතාව දිරිගැන්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා ඉන්ධන සහනයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කිරීමට ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

State

දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර  ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.

State

‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

State

"සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා.
පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්."

State

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

අද උදෑසන 09 වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

21 Flood warning for Gin Ganga Basin No 01 2024 1724211517 1 page 0001

State

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

State

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ (15)  සිදු කෙරිණි. 

State

අගෝස්තු 24,25 හා 31 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය නොවැළැක්විය හැකි හේතුවක් මත 2024 ඔක්තෝම්බර් 19, 20 සහ 31 යන දිනවලට කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

කැණීම් කටයුත්තක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව පොලීසිය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.

State

2024.08.14 දින  පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු අද (14) වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නම් ලැයිස්තුව පහත සඳහන් පරිදි වේ.

State

ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

State

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර අවධානම් තත්ත්වයක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කළේය.

State

රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.