Thursday, October 24, 2024
Follow Us
Social and Equity

යාන්ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ ගොවිතැන අහිමිව අසරණව සිටි ගොවි පවුල් සඳහා සිය ආර්ථිකය යථාවත් කරගැනීම සඳහා කල්ගතවෙමින් පැවති 2020/21 මහ කන්නයේ සිට 2023 යල් කන්නය දක්වා වූ වන්දි ප්‍රදානය කිරීම පදවිපරාක්‍රමපුර බහු කාර්ය ගොඩනැගිලි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Social and Equity

ගාලු දිස්ත්‍රික්කයේ තාරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරගැනීමට සහයවීමට අපේක්ෂා කරමින් රැකියා පොළක් ඊයේ  (19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී ආරම්භ විය.

Social and Equity

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System)   මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

Social and Equity
  • මම විශ්වවිද්‍යාලයට ආවම ගොඩක් සිසුන් ජීවිතය ජය ගන්න ලොකු සටනක යෙදෙනවා දුටුවා
  • නුවන් සහ ප්‍රමෝද්‍යා යුවළ තවමත් තෙවන වසරේ සිසුන්
  • පේරාදෙණිය සරසවියේ ARTOS DELI UNI FOOD CANTEEN බිහිවන්නේ එහෙමයි
  • සියලු වැඩ ශාස්ත්‍ර පීඨ සිසුන් අතින්
Social and Equity

නොරොච්චොලේ හා කල්පිටිය  ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කරන්නැයි එම ප්‍රදේශයේ ගොවි ජනතාව  කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථූපාරාම පුදබිම පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

Social and Equity

අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

Social and Equity

ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) සිදු කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිත කිරීම සඳහා ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර තිබේ.

අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී ‍ අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය සිදු කර ඇත.

අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද එකී වාරණ නියෝගයන්ට අනුව පහත දැක්වෙන පියවර ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත.

 

  i.        මේ දක්වා නිකුත් කොට ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

 

  ii.       මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම.

 

 iii.       මෙම මෘදු මත්පැන් අවසරයට අදාළ  අංක 05/2022 දරණ සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම.

 

 අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.  මෙම අභියාචනාධිකරණ නඩුකරය 2023. 11. 13 දින නැවත කැඳවීමට නියමිතය.

Social and Equity

මහනුවර වැව රවුම ඇතුලුව නගරයේ ආනරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත මේ වන විට ආරම්භ කොට තිබේ.

Social and Equity

කොත්මලේ හැදුණුවැව ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අද්භූත භයංකාර ශබ්දය හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති එදිනෙදා පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ අතුරුදන් වීම පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා සඳහන් කරයි.

Social and Equity

මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන  පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්  ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.

Social and Equity
මේ වන විට ක්රියාත්මක වෙමින් පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැලපෙන නව පරිසර පනතක් ගෙන ඒමට අවශ්ය පියවර කඩිනමින් ගත යුතුව ඇතැයි පරිසර අමාත්ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
Social and Equity

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් දැනට පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම සඳහා NVQ  තත්ත්ව සහතිකය සහිත ශ්‍රමිකයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිකිරීම අරමුණු කරගත් සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

Social and Equity

වසර 14කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ.

Social and Equity

මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 100 දෙනෙකු රැකියාගත කිරීමට අදාළ පුහුණු වැඩසටහන miq.shod මාතර දිස්ත්‍රික් ලේකම්, නීතීඥ වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

Social and Equity

මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත  ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ ර්‍ණ ගෞරව නාමය පිරිනැමීම කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.