Thursday, October 24, 2024
Follow Us
මහනුවර අනාරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම ඇරඹේ

මහනුවර වැව රවුම ඇතුලුව නගරයේ ආනරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත මේ වන විට ආරම්භ කොට තිබේ.

මහනුවර නගරය මෙන්ම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල අවදානම් ගස් ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කළ දැනුම්දීම අනුව මෙම ඉවත් කිරීම් සිදුවේ.

මහනුවර නගරයේ අවදානම් සහිත ගස් හා දිරාපත් වූ අතු රැසක් පවතින බැවින් ඊට කඩිනම් පියවර ගන්නා ලෙද ආණ්ඩුකාරවරයා, කමිටුවට දැනුම් දුන් අතර මහනුවර ගස් ඉවත් කිරීම ඒ අනුව ආරම්භ විය.