Thursday, October 24, 2024
Follow Us
මෘදු මත්පැන් අවසරය වහාම අත්හිටුවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිත කිරීම සඳහා ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර තිබේ.

අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී ‍ අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය සිදු කර ඇත.

අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද එකී වාරණ නියෝගයන්ට අනුව පහත දැක්වෙන පියවර ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත.

 

  i.        මේ දක්වා නිකුත් කොට ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

 

  ii.       මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම.

 

 iii.       මෙම මෘදු මත්පැන් අවසරයට අදාළ  අංක 05/2022 දරණ සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම.

 

 අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.  මෙම අභියාචනාධිකරණ නඩුකරය 2023. 11. 13 දින නැවත කැඳවීමට නියමිතය.