Thursday, October 24, 2024
Follow Us
යාන්ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ ගොවිතැන අහිමි වූ ගොවි පවුල්වලට වන්දි

යාන්ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ ගොවිතැන අහිමිව අසරණව සිටි ගොවි පවුල් සඳහා සිය ආර්ථිකය යථාවත් කරගැනීම සඳහා කල්ගතවෙමින් පැවති 2020/21 මහ කන්නයේ සිට 2023 යල් කන්නය දක්වා වූ වන්දි ප්‍රදානය කිරීම පදවිපරාක්‍රමපුර බහු කාර්ය ගොඩනැගිලි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

 

ඒ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහි දී පදවිය, පදවිශ්‍රීපුර, හොරොව්පතාන ,කැබිතිගොල්ලෑව හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ ආවරණය වන පරිදි කන්න වන්දි ලෙස රු:මි:98.821ක් පවුල් 2680ක් සඳහා ද, පූර්ණ වන්දි ලෙස රු:මි:21.80ක් පවුල් 31ක් සඳහා ද වශයෙන් රු:මි: 77.81ක මුදලක් මෙහි දී ලබාදෙන ලද අතර, මාසික ජීවනාධාරයක් ලෙස පෙර ගෙවන ලද රු: මි: 11 ද සමගින් සම්පූර්ණ වන්දි වශයෙන් රු:මි: 88.81ක මුදලක් මෙම ව්‍යාපෘති වන්දි ලෙස ලබා දී ඇත.

වන්දි ලැබූ සියලු ගොවීන්ගේ මූලික ඉල්ලීම වී ඇත්තේ ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සුදුසු ඉඩම් කොටසක් ද ලබාදෙන ලෙසයි.

ඒ වෙනුවෙන් මෙහි දී වනසංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වගාවට සුදුසු පහත් බිම් සහිත ප්‍රදේශයන් පිළිබඳව හැඳින්වීමක් ද කරමින් ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර, නිවැරදි හඳුනා ගැනීමක් කර, කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදාල කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.