Tuesday, October 22, 2024
Follow Us
Social and Equity

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

Social and Equity

Sri Lanka is ranked 4th in among the top solo travel destinations this year, by the prestigious Forbes magazine.

Social and Equity

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බවත් එම ක්‍රියාවලිය තුළින් බන්ධනාගාර තදබදයට විසදුමක් ලබාගතහැකි බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Social and Equity

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

රුපියල් මිලියන 337ක විදෙස් ආධාර යටතේ ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක් ඔස්සේ මෙම වසරේදී මෙරට පාරිසරික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 

Social and Equity
අනුරාධපුර නගරය ඔස්සේ ගලා බස්නා මල්වතු ඔය හෙවත් කදම්භ නදිය අතීතයේ සිටම ආරක්ෂාව , සෞන්දර්ය මෙන්ම සශ්රිකත්වය උදෙසා ඉටුකර ඇත්තේ අමිල මෙහෙවරකි.
Social and Equity

ගතවූ පැය 24ක කාලය තුළදී තුළදී යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Social and Equity

බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කළේය.

Social and Equity

ෙප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය ජන ගත කිරීම ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී  සිදු විය.

Social and Equity

ඉදිරියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හරහා පළාත් පාලන ආයතනයන් මගින් සංචාරක ආකර්ශණීය ස්ථාන සංවර්ධනය කිරිම සඳහා මහ භාණ්ඩාගාරයෙන් සෘජු ලෙස ප්‍රතිපාදන වෙන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

Social and Equity

The newly appointed Indian High Commissioner Santosh Jha visited the Gangaramaya Temple this morning and enaged in religious observance and invoked blessings

Social and Equity

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත “මම ඔස්ටින්“ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Social and Equity

ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව ,  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා  සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට අදහස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

Social and Equity
සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කළ වලස්මුල්ල, ඕකෙවෙල ,වීරකැටිය, කටුවන, බෙලිඅත්ත හා තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවීන් 700 දෙනෙක් සඳහා ඔවුන් දිරිගැන්වීමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්ය කෘෂි උපකරණ කට්ටල ලබාදීම පසුගියදා සිදුවිය.
Social and Equity

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට වැඩිදුරටත් ආරක්ෂාවක් සැපයීම හා ඇතැම් සංචාරක කලාපවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහය ලබාගත හැකි ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

Social and Equity

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

Social and Equity
රටේ කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා රජය විසින් ක්රියාත්මක කර ඇති වැඩ සටහනට සහයෝගය පළ කරමින් කෘෂි අංශ කුසලතා සභාව විසින් වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්යස්ථාන සඳහා ඩ්රෝන යන්ත්රය බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්රික්ක සඳහා ඩ්රෝන යන්ත්ර 100ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.
 
දෙවන අදියර වනවිට වී වගා කරන සෑම දිස්ත්රික්කයකම පිහිටි සෑම ගොවිජන සේවා මධ්යස්ථාන 563ටම ඩ්රෝන යන්ත්රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.
 
පසුගියදා(10) රාමඩා හෝටලයේ දී UNFAO, USAID හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය ඒකාබද්ධව ආරම්භ කළ වී වගාවේ අස්වනු වැඩි කර ගැනීම සඳහා වන වැඩ පිළිවෙළ දියත් කළ අවස්ථාවේ දී ඩ්රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමේ වැඩ පිළිවෙළ ද ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබීය.
කෘෂි අංශ කුසලතා සභාව විසින් ලබා දීමට නියමිත ඩ්රෝන මෙහිදී ප්රදර්ශනය කෙරුණු අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල්. අබේරත්න හා කාවින්ද දිසානායක යන මහත්වරු සහභාගි වූහ.
රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්රෝන යන්ත්රයක් උපයෝගි කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවිජනතාවට වාසිදායක බව කෘෂි අංශ කුසලතා සභාව පෙන්වා දුන්නේය.
ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ඩ්රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා නමුත් අපේ රටේ තවමත් ඒ සම්බන්ධව අවධානය යොමු වී නැත. මේ නිසා පළමු වරට මෙම යල කන්නයේ සිට වී වගාව සඳහා ඩ්රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අමාත්යවරයා අදාළ අංශවලට ස්තුතිය පළ කළේය.
Social and Equity

ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය එතුමා ඇති කළ ලාංකීය සංකල්පය ඉදිරියට ගෙන යාමයි – ජනපති අවධාරණය කරයි.