Wednesday, October 23, 2024
Follow Us
උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණ CIDයට

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

පසුගිය 10 වැනිදා එම ප්‍රශ්න පත්‍රය පිට වූ බව තහවුරුවීමත් සමග එම ප්‍රශ්නපත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙවර කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා අයදුම්කරුවෝ පහළොස් දහසක පමණ පිරිසක් පෙනී සිටියහ.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ විභාග ප්‍රශ්න පත්‍රයක් පිට වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මින් පෙර ප්‍රශ්න පමණක් පිටවීමේ සිද්ධීන් වාර්තා වී තිබේ.