Wednesday, October 23, 2024
Follow Us
සංචාරක ස්ථාන සංවර්ධනයට පියවර

ඉදිරියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හරහා පළාත් පාලන ආයතනයන් මගින් සංචාරක ආකර්ශණීය ස්ථාන සංවර්ධනය කිරිම සඳහා මහ භාණ්ඩාගාරයෙන් සෘජු ලෙස ප්‍රතිපාදන වෙන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා රත්නපුර සුමන සමන් දේවාලයේ, පෞරාණික කොටසට පරිභාහිරව පිහිටි රථගාල, වෙළද කුටි හා සනිපාරක්ෂක පද්ධතිය නිසි ලෙස සංවර්ධනය කිරිම පිණිස අවශ්‍ය පියවර ගැනිම සදහා රත්නපුර සුමන සමන් දේවාලයට පරිබාහිරව පිහිටි එම ප්‍රදේශය නිරික්ෂණයට ලක් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.