Wednesday, December 25, 2024
Follow Us
Political

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දී තිබේ.

Political

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බවත්, රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. 

දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

Political

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කළ අතර නොවැම්බර් 14 මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. 

Political

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

Political

අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Political

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(25) සවස 7.30‌ට ජාතිය ඇමතීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Political

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටි.

Political

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද  (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Political

පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේ දී දේශපාලන පක්ෂ/අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබු යම් යම් වැඩසටහන්/ව්‍යාපෘති සහ ජනතා සහන ලබාදීම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට ජනාධිපතිවරණ කාල සීමාව අවසන් ඇති හෙයින් එකී වැඩසටහන්/ව්‍යාපෘති හා ජනතා සහන ලබාදීම් වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා නැවත මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

Political

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු අද (25) පත් කර තිබේ.

අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- හනීෆ් යූසුෆ් මහතා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර
02- සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
03- බන්දුල හරිස්චන්ද්‍ර මහතා - දකුණු පළාත් ආණ්ඩුකාර
04- තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා - වයඹ පළාත් ආණ්ඩුකාර
05- වසන්ත කුමාර විමලසිරි මහතා - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
06- නාගලිංගම් චේතනායහන් මහතා - උතුර පළාත් ආණ්ඩුකාර
07- ජයන්ත ලාල් රත්නසේකර මහතා - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
08- චම්පා ජානකී රාජරත්න මහත්මිය - සබරගමුව පළාත් ආණ්ඩුකාර
09- කපිල ජයසේකර මහතා - ඌව පළාත් ආණ්ඩුකාර

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Political

නව පුනරුද යුගයක් සඳහා එක්වන ලෙස ජයග්‍රාහී අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සියලු රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි.

Political

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ කිරීමට නියමිතයි.

Political

සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

Political

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

Political

මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට නව රජය  බැඳී සිටින බවත්  ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Political

මා සෑමවිටම තීරණ ගනු ලැබුවේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතමින් බවත්, තමා කිසිදා වරදින තීන්දු නොගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.