මහනුවර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ පොහොර අවශ්‍යතාව මේ වන විට සම්පූර්ණ කොට ඇති බව ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
එහිදි හෙක්ටයාර් 11,791ක වපසරියක මෙම කන්නයේදී වී වගා කරන බවත් එහිදි සියලු ගොවිබිම් කරා මේ වන විට පොහොර සම්පාදනය කොට ඇති බවත් එම මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩබ්ලියු.එම්.ඩබ්ලියු.ජී. ආනන්ද මහතා සඳහන් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 2,710ක් සම්පාදනය කොට ඇති බවත් TSP පොහොර මෙට්‍රික් ටොන් 734ක් හා MOP පොහොර මෙට්‍රික් ටොන් 975ක් සම්පාදනය කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
රාජ්‍ය පොහොර සමාගම සහ ආයතන 11ක් මහනුවර දිස්ත්‍රික්කයේ පොහොර සැපයීම සඳහා ඉදිරිපත්වී ඇත.