Monday, October 21, 2024
Follow Us
International Affairs

අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදෙන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය,  ශ්‍රී ලංකාව හඳුන්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි

අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය පරිසාධන මට්ටමක් ජනතාවට තිලිණ කරන  ලෝකයේ එක් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව හඳුන්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. 

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ  අද (03) ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනනතුරුව එහි කාර්ය මණ්ඩලය සමඟ පැවති විශේෂ සාකච්ජාමය අවස්ථාවේදීය. 

මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල්හි අඩුපාඩු සොයා බලමින් එයට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිළිවෙළ යටතේ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකර තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සතුව විශිෂ්ට යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම විශිෂ්ට මානව සම්පතක් සිටින  බවත් එම විශිෂ්ට මානව සම්පතේ කැපවීමෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත වඩාත් යහපත්, සුරක්ෂිත  කිරීමට හැකි වන බවයි.   

මෙහිදී, රෝහලේ නිල ලාංජනය එළිදැක්වීම සිදු වුනු අතර රෝහලේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා තත්ත්ව ගුණාත්මක ව්‍යාපෘති වන (Kaizen සහ 5S) ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වු සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමටද ලක් කළේය. 

රෝහල් අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය  දිනේෂ් කොග්ගලගේ මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත සමරු තිලිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇදන් 300 ක ධාරිත්වයකින් ද, දැඩි සත්කාර ඒකකය ඇදන් 8 කින්ද   යුක්ත වන අතර, විශේෂ පුහුණුව ලත් විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත සෞඛ්‍ය අමාත්‍යංශය සතු එකම විශේෂිත බෝවන රෝග ප්‍රතිකාර පිළිබද ජාතික රෝහල මෙය වේ.

International Affairs

මෙරට නව ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස වැඩ භාරගත් සන්තෝෂ් ජා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (27) විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

ශ්‍රී ලංකා චින බෞද්ධ මිත්‍රත්ව සංසදය මගින් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් වු කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ආධාර ලබාදිමේ වැඩසටහනක් චීන තනාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

International Affairs

රුසියානු රෝසියා ගුවන් සමාගම එරට මොස්කව් සිට කොළඹ දක්වා නිශ්චිත ගුවන් ගමන් (Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Air Operator Certificate - FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

International Affairs

Aitken Spence Travels, yesterday celebrated the arrival of the first Bulgarian charter flight for the Winter 2023/24 season at the Mattala Rajapaksa International Airport (MRIA). 

International Affairs

ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

නව වසර උදාව සැමරීමේ උණුසුම මැකී යෑමටත් පෙර ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වීමෙන් භීතියට පත් ජනතාව හිස් ලූ ලූ අත දිව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

Czech airline Smartwings commenced direct charter flights to Colombo yesterday from Budapest providing a useful connection to tourists for the winter season.

International Affairs

ඊශ්‍රායලයේ, ආර්කියා ගුවන්සේවය නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අද ආරම්භ කළ බව වාර්තා වෙයි.

International Affairs
  • Initiates capacity building program to boost women-led businesses 

The Export Development Board (EDB), in association with the Import Promotion Desk (IPD) in Germany, initiated a series of capacity building programs for export-oriented women led businesses in Sri Lanka to encourage a new set of women-led exporters to the country’s economy.

International Affairs

සියලු ආකාරයේ සම්බන්ධතාවලින් පරිපූර්ණ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක මෙගා ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති ‘පීඑම් ගටි ශක්ති‘ ව්‍යාපෘතිය මඟින් වසර 2047දී සංවර්ධිත ආර්ථිකයක් කරා යෑමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2021 අගෝස්තුවේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ජාතික සැලසුමක් ලෙස ක්‍රියාත්මක කර ඇති එම ව්‍යාපෘතිය තුළින් යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාපාර කිරිමේ පහසුව සහ ව්‍යාපාර කිරීමේ පිරිවැය අවම කරමින් නිෂ්පාදන සහ අපනයන වර්ධනය කිරීම අරමුණු කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

International Affairs

බ්‍රිතාන්‍යයේ කැමිලා රැජින මොළයේ ගෙඩියක් ඇති ගැහැණු දරුවෙක් සමඟ වින්ඩ්සර් කාසල් මාලිගයේ දී සවස තේ සංග්‍රහයකට එක්ව ඇති අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම සහ විධි විමසා බැලූහ.

International Affairs

South Korean actor Lee Sun-kyun, best known for his role in the Oscar-winning film Parasite, has been found dead in an apparent suicide in central Seoul.

International Affairs

2023 දෙසැම්බර් මස 21 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊයේ (23) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

International Affairs

කුවේට් රාජ්‍යයේ නව නායකයා ලෙස ශේක් මිෂාල් අල් අහමඩ් අල් ජබාර් අල් සබා වැඩ බාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

Japanese Finance Minister Shunichi Suzuki will be visiting Sri Lanka in January.

International Affairs

Sri Lankan Ambassador to the USA Mahinda Samarasinghe met with the U.S. International Development Finance Corporation (DFC) CEO Scott Nathan recently to explore avenues for deeper collaboration aimed at boosting Sri Lanka’s economic growth with potential areas of collaboration.