Monday, October 21, 2024
Follow Us
වියදම අඩු කරන්න ඇෆ්ගනිස්තානයේ එකම දිනයේදී විවාහ 50ක්

ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කාබුල් අගනුවර පසුගියදා පැවැති එම සමූහ විවාහ උත්සවයේදී ආරාධිතයන්ට දිවා ආහාර වේල පිරිනමා ඇති අතර, ඒ සඳහා තලේබාන් රජයේ දායකත්වය ද ලැබී ඇතැයි වාර්තා වේ. තලේබාන් රජය නර්තන සහ සංගීතය තහනම් කර ඇති බැවින් එම විවාහ උත්සවයේදී කුරානය කියැවීම පමණක් සිදු කළ චාම් උත්සවයක් ලෙස පැවැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එරට සාමාන්‍ය පවුලක විවාහ උත්සවයක් පැවැත්වීමට ඩොලර් තුන්දහසක පමණ මුදලක් වැය වන බවත්, එරට මුදල් ඒකකයෙන් අෆ්ගානි 350ක් දෛනිකව උපයන අඩුආදායම්ලාභීන්ට මෙවැනි ආර්ථික අර්බුදයක් හමුවේ විවාහ උත්සවයක් පැවැත්වීම දුෂ්කර වී ඇතැයි වාර්තා වේ.

 

Dinamina