Monday, October 21, 2024
Follow Us
2047දී සංවර්ධිත ආර්ථිකයකට ඉන්දියා‍වෙන් මෙගා ව්‍යාපෘතියක්

සියලු ආකාරයේ සම්බන්ධතාවලින් පරිපූර්ණ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක මෙගා ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති ‘පීඑම් ගටි ශක්ති‘ ව්‍යාපෘතිය මඟින් වසර 2047දී සංවර්ධිත ආර්ථිකයක් කරා යෑමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2021 අගෝස්තුවේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ජාතික සැලසුමක් ලෙස ක්‍රියාත්මක කර ඇති එම ව්‍යාපෘතිය තුළින් යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාපාර කිරිමේ පහසුව සහ ව්‍යාපාර කිරීමේ පිරිවැය අවම කරමින් නිෂ්පාදන සහ අපනයන වර්ධනය කිරීම අරමුණු කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දියාවේ ප්‍රාන්ත 36ක් සහ ස්වයං පාලන කලාප ඒකාබද්ධ කිරීම සහ ඔවුන්ගේ සමාජ, ආර්ථික සංවර්ධන ආකෘතිය එක හා සමාන මට්ටමකට රැගෙන යෑමෙන් ශක්තිමත් ආර්ථිකයක් කරා යෑම ඉන්දීය රජයේ ඉලක්ක බව එරට මාධ්‍ය සඳහන් කළේය. රැකියා උත්පාදනය සඳහා නව මාර්ග විවර කෙරෙන එම ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.

Dinamina