Sunday, October 20, 2024
Follow Us
International Affairs

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  (UNDP) මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ හමුවක් අද  (24) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

International Affairs
  • නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්‍ය නැහැ.
  • එයින් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් – G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි.

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

International Affairs

භූතානයේ පසුගියදා පැවැති මහමැතිවරණයෙන් එරට හිටපු අගමැතිවරයකු වන ට්ෂෙරින් ටොබ්ගි ජයග්‍රහණය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ බටහිර පළාතේ කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 7.1ක භූ කම්පනයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රබල භූ කම්පනයෙන් පසු අතුරු කම්පන 50ක් පමණ පෙරවරු 11.00 වන තුරු එම පළාතට සහ කිර්ගිස්තානයට දැනී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කඳුකර ප්‍රදේශයක් වන බටහිර ෂින්ජියැං ප්‍රාන්තයේ ගොඩනැඟිලි සහ නිවාස රැසක් භූ කම්පනය හේතුවෙන් කඩා වැටී ඇතැයි ද, ඊයේ දහවල් වන විට පුද්ගලයන් 10 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වී තිබේ. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රාන්තයේ දුම්රිය ගමන් වාර 27ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව ෂින්ජියැං දුම්රිය අධිකාරිය ප්‍රකාශ කර ඇති අතර, දෙසීයකට අධික ආපදා කළමනාකාරණ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර ඇතැයි ද වාර්තා වේ. මේ දිනවල එම ප්‍රාන්තයේ පවතින අධික ශීතල දේශගුණික තත්ත්වය මත මෙහෙයුම් අඩාළ වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

International Affairs
ශ්රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටියේය.
International Affairs

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ අද (19) උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ඊට එක්ව සිටිති.

International Affairs

Dipped Products PLC, a subsidiary of the Hayleys Group, took part in the 25th edition of the Intersec in Dubai.

International Affairs
  • ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ජනපති හමුවී සාකච්ඡා පවත්වයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා අතර නිල හමුව නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව අද (20) උගන්ඩාවේ කම්පාලා නුවරදී සිදු විය.

අතීතයේ සිට පැවතෙන දෙරට අතර සංස්කෘතික සහ ආගමික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එය දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවද අවධාරණය කෙරිණි.

එමෙන්ම, දෙරට අතර දේශපාලන අන්තර් සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අන්තර් හුවමාරු වැඩසටහනක් හරහා දෙරටේ පාර්ලිමේන්තු කටයුතු අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දීමට ද යෝජනා විය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

මෙම හමුව පිළිබඳ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මෙසේ සඳහන් කර තිබිණි.

“කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ලැබීම සතුටක්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික මුලපිරීම් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ මග පෙන්වීම අගය කරනවා. ඉන්දියාවේ කැපවීම අපගේ අසල්වැසියා පළමු කොට සැලකීම සහ “සාගර්” ප්‍රතිපත්තිය මගින් පිළිබිඹු වේ”

International Affairs

ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව (Asia Pacific Medical Education Conference - APMEC)  මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි.

International Affairs

A Sri Lanka night was held for the first time to showcase Sri Lankan cuisine, tourist attractions and culture on the sidelines of the World Economic Forum in Davos, Switzerland.

International Affairs
  • රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද දෙරට අතර අත්සන් තැබේ – ශ්‍රී ලංකාව උදාකරගත් කඩිනම් ආර්ථික ප්‍රකෘතියට ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයාගෙන් සුබපැතුම්.

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු විය.

International Affairs

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2024.01.18 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

International Affairs
  • ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ගෝලීය නායකයන්ගේ පැසසුමට.
  • “අප්‍රිකාව දෙස බලමු” ජනපතිගේ සංකල්පය අප්‍රිකානු නායකන්ගේ අවධානයට – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙතෙක් අවධානයට ලක් නොවූ, බිලියන 1.3ක පමණ ජනගහනයක් වෙසෙන, එමෙන්ම ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උගන්ඩා නිල සංචාරය ඉවහල් වු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

International Affairs

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

International Affairs
  • Pioneer of China’s Interactive Flat-Panel Display industry and global market leader in motherboards for TVs, Guangdong Province headquartered giant says in discussion with prospective partners for SL
  • Over 50% of China’s top 500 corporations use CVTE conference solutions and half of Chinese classrooms use CVTE Smart Classroom solutions
  • Shenzhen Stock Exchange-listed CVTE serves nearly 200 countries; revenue tops $ 3 b mark in 2022
International Affairs
  • පලස්තීන රාජ්‍යයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ජනපති යළි අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) මහතා අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.

International Affairs

ජීවිත ආරක්ෂක කබා නොදුන්නාට මවුපියන්ගෙන් චෝදනා

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බරෝඩරා නුවර හරිනි නමැති වැවේ සවාරියක් ගිය බෝට්ටුවක් පෙරලී යෑමෙන් පාසල් සිසුවියන් 12ක් සහ ගුරුවරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්වරුවේ මේ අනතුර සිදු වීමෙන් පසු බෝට්ටුවේ ගමන් කළ තවත් සිසුවියන් 18 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.

International Affairs

2024 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමය සමඟ චීනයේදී සාකච්ඡාවක නිරතවිණි.