Sunday, October 20, 2024
Follow Us
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට එක්සත් ජාතීන් සමඟ සාකච්ඡා

2024 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමය සමඟ චීනයේදී සාකච්ඡාවක නිරතවිණි.

රාජ්‍ය වෙසක් උත්සවයට පහසුකම් සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහයෝගය ලබා ගැනීමට අමාත්‍යවරයා කළ ඉල්ලීමට චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමය එහිදී එකඟතාවය පළ කළේය.

මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමය ඉදිරි සති කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත බවද එහිදී සඳහන් කළේය.

එසේම මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චීනයට වැඩම කර මහායාන බෞද්ධ ධර්මය පිළිබඳව වැඩිදුර හැදෑරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස අමාත්‍යවරයා චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමයෙන් එහිදී ඉල්ලිමක් ද කළේය.

දෙල්වල අංගීරස සීවලි ස්වාමින්වහන්සේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, නීතිඥ උපුල් ශාන්ත යන මහත්වරු ඇතුළු දූත පිරිසක් එම අවස්ථාවට එක්වූහ.