Sunday, October 20, 2024
Follow Us
චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ 7.1ක භූ කම්පනයක්

චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ බටහිර පළාතේ කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 7.1ක භූ කම්පනයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රබල භූ කම්පනයෙන් පසු අතුරු කම්පන 50ක් පමණ පෙරවරු 11.00 වන තුරු එම පළාතට සහ කිර්ගිස්තානයට දැනී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කඳුකර ප්‍රදේශයක් වන බටහිර ෂින්ජියැං ප්‍රාන්තයේ ගොඩනැඟිලි සහ නිවාස රැසක් භූ කම්පනය හේතුවෙන් කඩා වැටී ඇතැයි ද, ඊයේ දහවල් වන විට පුද්ගලයන් 10 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වී තිබේ. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රාන්තයේ දුම්රිය ගමන් වාර 27ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව ෂින්ජියැං දුම්රිය අධිකාරිය ප්‍රකාශ කර ඇති අතර, දෙසීයකට අධික ආපදා කළමනාකාරණ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර ඇතැයි ද වාර්තා වේ. මේ දිනවල එම ප්‍රාන්තයේ පවතින අධික ශීතල දේශගුණික තත්ත්වය මත මෙහෙයුම් අඩාළ වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.