Monday, October 21, 2024
Follow Us
Social and Equity

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (04) ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, කරන්දෙණිය, ඉපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

Social and Equity

පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.

Social and Equity

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම  ඊයේ (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

Social and Equity

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව  එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි. 

Social and Equity

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක 'ගරු සරු' වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ අද (26) පැවති 'ජයගමු ශ්‍රී ලංකා' වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුවේය.

Social and Equity

Eco Balm, an Ayurvedic product manufactured by Eco Ceylon Global Ltd., has been recognised as the Most Popular Pain Relief Balm of the Year at the Golden Inmediens Awards 2023. 

Social and Equity

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුකෙරිණ.

Social and Equity

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Social and Equity

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන "UAE Athletics Grand prix 2024" තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

Social and Equity

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

Social and Equity

සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ ‍කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමිනි.

Social and Equity

රුපියල් කෝටි 15ක පමණ  වටිනාකමකින් යුත්  හෙරොයින්, හෑෂ් හා කොකේන් මත්ද්‍රව්‍ය හා මුදල් ලක්ෂ 15ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය කරයි.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය  වී  ඇත්තේ  නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය  නඟා සිටුවීම සඳහා  ගොවිජනතාව සූදානම් කිරීම බව  වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පවසයි. 

Social and Equity

රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Social and Equity

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය.

Social and Equity

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇත.

Social and Equity

රට රස්සාවකට යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ ඇයි?

වැඩිදුර තොරතුරු ලබාගැනීමට රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේදී 26 සහ 27 පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට එන්න